BRILLIANCE V CLUB on Clubhouse

BRILLIANCE V CLUB Clubhouse
80 Members
Updated: Mar 2, 2024

Description

Vision - See a world that everyone would like to live in their Motherland | ලෝකයේ සැවොම තමා ජීවත් වීමට කැමතිම රට තම මාතෘ භූමිය බවට පත්වනු දැකීම.

•Rules of Nature
•Rules of Education
•Rules of Economy
•Rules of Politics
•Rules of Society

Value of rules of the nature for a Civilised Society.
ශිෂ්ඨ සම්පන්න සමාජයක් උදෙසා ස්වභාවධර්ම නියමයන්ගේ වැදගත්කම.

අද වන විට ලෝකයේ විද්‍යාව මූලික කරගත් දැනුම් ගවේෂණ ගණනාවක්ම දියුණු වීම සිදු වනුයේ මිනිසාට බාහිරින් ලබාදෙන සැප සම්පත් තව තවත් වර්ධනය කර දීම මගින් මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම උදෙසා වේ. සරලව ගතහොත් තමාගේ දියුණුව ලෙස අර්ථකථනය කළ හැකි වනුයේ තම ජීවින පැවැත්ම පහසු කරගැනීම සහ ජීවන මට්ටම උසස් කර ගැනීම වන අතර එහිදී වර්තමාන මිනිසා ඒ සඳහා යොදා ගන්නා ප්‍රධානතම ක්‍රමවේදය වනුයේ පරිභෝජන ක්‍රියාවලියේ යොදා ගන්නා භාණ්ඩ හා සේවා වල වටිනාකම වැඩි කර ගැනීම හරහා ඔවුන් වියදම් කරන මුදල මත ජීවන මට්ටම උසස් කරගැනීමට යාම වේ.

එබැවින් ඒ සඳහා ප්‍රධාන වන මුදල් යන සාධකය මත තමාට ලැබෙන ඕනෑම දෙයක් මූල්‍යමය වටිනාකමක් හරහා විග්‍රහ කර ගැනීමට උත්සාහ කිරීම අනිවාර්ය සාධකයක් බවට පත්වී තිබෙන අතර මුල්‍යමය වටිනාකමක් නොමැති කාරණා වලට පවතින ඉල්ලුම නිරායාසයෙන්ම අඩු වීම ඒ හරහා සිදු වී ඇත.

ශිෂ්ඨ සම්පන්න සමාජයක් (Civilised Society) යනුම මනුෂ්‍යත්වයෙන් (Humanity) ඉහළ මිනිසුන් කොට්ඨාසයක් ජීවත් වන සමාජයක් විය යුතු අතර ශිෂ්ඨ සම්පන්න සමාජයක් ඇති නොවීමට ප්‍රධානතම හේතුව මනුෂ්‍යත්වයට වැඩි වටිනාකමක් නොමැති වීම, එනම් ඒ සඳහා මිලක් නොමැති වීම සහ ඒ හේතුව මතම මනුෂ්‍යත්වය වෙනුවෙන් පවතින ඉල්ලුම මදිකම වන අතර ඒ උදෙසා අප මූලිකව කළ යුතු වන්නේ මනුෂ්‍යත්වය සදහා පවතින ඉල්ලුම ඉහළ දැමීමට උත්සාහ කිරීම විය යුතු බවයි අපගේ මතය.

අප ගැටළුවට විසඳුම් සෙවීමට ප්‍රථම ගැටලුව සහ ගැටළුවට හේතුව නිවැරැදිව අවබෝධ කර ගැනීම වඩාත් වැදගත් වනු ඇත. ගැටලුව ශිෂ්ඨ සම්පන්න සමාජයකට අවශ්‍ය මනුෂ්‍යත්වය මිනිසුන් තුල නොමැතිවීම වන අතර ගැටළුවට ප්‍රධාන හේතුව මනුෂ්‍යත්වයට පවතින ඉල්ලුම ප්‍රමාණවත් නොවීම වේ. එසේම එම හේතුවට විසඳුම මනුෂ්‍යත්වයේ වටිනාකම මිනිස් ජීවිතයට බලපාන ආකාරය පිළිබඳව මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම හරහා එහි ලාභය මිනිසුන් හට තේරුම් කරවීම වන අතර ඒ හරහා ඉන් ඔබ්බට ගොස් ගැටලුව විසඳීමේ මාර්ගය සොයා බැලීම සිදු කළ යුතුවේ. මනුෂ්‍යත්වය හරහා ලැබෙන ලාභය තේරුම් කිරවීමට මිනිසුන් හට ස්වභාව ධර්මයේ නියමයන් අවබෝධ කරවීමත් එම ස්වභාවධර්ම නියමයන් හරහා මනුෂ්‍ය ජීවිතයට වටිනාකම් එකතු කර ගැනීමට ඇති හැකියාවත් මනුෂ්‍ය ජීවිතය උසස් කරලීමට ඇති හැකියාවත් තේරුම් කරවීම වැදගත් වනු ඇත.

සරලවම පැවසුවහොත් මුදල් මත තම ජීවන මට්ටම උසස් කරගත හැකි ලෙස සිතා සිටින මිනිසා හට යථාර්ථවාදී ලෙස ස්වභාවධර්ම නියමයන් ඔස්සේ තම ජීවන මට්ටම උසස් කර ගැනීමේ සහ ජීවන ක්‍රියාවලිය පහසු කරගැනීමේ ක්‍රමවේදය තේරුම් කරවීම අද වන විට ලෝකයට අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත.

Last 30 Records

Day Members Gain % Gain
March 02, 2024 80 0 0.0%
January 12, 2024 80 0 0.0%
November 28, 2023 80 0 0.0%
October 24, 2023 80 +1 +1.3%
September 24, 2023 79 0 0.0%
August 26, 2023 79 0 0.0%
July 23, 2023 79 0 0.0%
June 28, 2023 79 -1 -1.3%
March 25, 2023 80 0 0.0%
March 09, 2023 80 0 0.0%
January 29, 2023 80 +1 +1.3%
December 22, 2022 79 +1 +1.3%
November 02, 2022 78 +1 +1.3%
October 20, 2022 77 -1 -1.3%
July 29, 2022 78 +1 +1.3%
July 16, 2022 77 +1 +1.4%
July 09, 2022 76 +1 +1.4%
June 19, 2022 75 +1 +1.4%
May 17, 2022 74 +1 +1.4%
February 21, 2022 73 +1 +1.4%

Charts

Some Club Members

More Clubs