KK Sri on Clubhouse

Updated: Sep 1, 2023
KK Sri Clubhouse
498 Followers
40 Following
@kksrii Username

Bio

1. ඔබ ලිවීමට යොමු වෙන්න හේතුව කුමක්ද ??

ඕනෑම අදහසක් සුන්දරතාවයක් බවට පත් වෙනවාට ඇති සියලුම මිනිස් නොමිනිස් බාධාවන් නිසා. ඒ සියලු බාධාවන් එක්ක මම වෛරයෙන් නිසා. මට ඒ බාධාවන් සියල්ලක්ම විනාස කරන්න වෙන විදියක් හමුවුණේ නැති නිසා.

2.කලාව පුද්ගලයෙකුගේ ජීවිතයට කොපමණ වැදගත්ද??

ඔන්න මම කාර් එකක් පදවගෙන යනවා. ඒකට එන්ජිමක් නැහැ. පැති කණ්ණාඩි නැහැ. සුක්කානමක් නැහැ. තියෙන්නෙ වාඩි වෙලා ඉන්න විතරයි. මම මගේ ආසනය ටිකක් පස්සට කරගන්නවා. සිගරට්ටුවක් දල්වගන්නවා. අනිවාර්යෙන්ම විස්කි ෂොට් එකක් ඕනෑ වෙනවා. මම ඒක තනියම ඉවර කරාවිද දන්නෙ නැහැ. ඒත් වාහනය යනවා. ටික ටික වෙරි වෙනවා. මට දැනෙන දේම වාහනයටත් දැනෙනවා. එකම හදවතයි දෙකටම. අපි දැන් යන්නේ වළාකුළු උඩින් ඇති කඳු මුදුනක් අගට. ඔන්න වාහනය නතර වෙනවා. හරියටම කඳු මුදුනේත් උසම තැන. දැන් ඔයා මගේ කාර් එක ඉස්සරහ හිටගන්න. ඔයාට පේනවා වළාකුළු වලට පහතින් ඇති සුවිශාල නිම්න පාමුල ඉදිවෙන ශිෂ්ටාචාරය. දැන් ටිකක් මගේ දිහාවට හැරෙන්න. පේනවද මගේ කාර් එකට පිටුපසින් පුපුරමින් ගිනි රොටු විහිදවමින් එන ලෝක විනාශය. මගේ කාරයේ සයිලන්සරයෙන් පිටවුන දුම් රොටු වලිනුයි ඒ විනාශය ඇරඹුනේ. ඒවා මගේ සුසුම් වගෙයි. විනාශය පටන් ගත්තේ එතැනින්. මම තව ඉස්සරහට යන්නද එපාද ? මොකද කියන්නේ ? මෙතරම් වෙලාවක් මම මහා අමානුෂික දෙයක් කරමින් ඇවිත්. ලෝකයෙන් බාගයක්ම විනාශ කරන් ඇවිත්. තවත් ඉතුරුයි. ඔබට පුලුවන් මාව මෙතනින් නතර කරන්න. ඒකටත් වෙන විදියක් ඔබට කල්පනා වෙන්නෙ නැහැ. මාව මරන්නම සිද්ධ වෙනවා. ඔබ ළඟ ඇති තුවක්කුවෙන් මගේ නළල හරි මැද ඉලක්ක කරනවා. තවත් ඔබේ එක නොවරදින එල්ලයක්. ඊ ළඟ මොහොතේ කොකා ගස්සන්න සූදානම්. අනිත් පැත්තට මට පුලුවන් ඔය කොකා ගස්සනවාටත් වඩා ඇසිල්ලකින් ඔබව මගේ වාහනයට යට කරලා ඉවර කරන්නත්. මොකද කියන්නේ ? 
නමුත් ඔබ ඊට වෙනස් තීන්දුවක් ගත්තොත්. ඔබ මට ඔබේ ආදරය පෙන්නුවොත්. වඩා අමානුෂික දෙයට නොවේද ආදරය ලැබිය යුත්තේ ? ආදරය දන්නා අයට ආදරය දීලා වැඩක් නැහැ. මට නම් කලාව කියන්නේ අමානුෂික දෙයක්. ඒකේ මෙලෝ මනුෂ්‍යත්වයක් විදහා පාන්නේ නැහැ. ඒක එය විසින්ම සංත්ර්තෘප්ත වෙනවා. ඒ වෙන කිසිවකින්වත් නෙවෙයි සුන්දරත්වයෙන්. සුන්දරත්වයට මනුස්සකම් අදාළ නැහැ. කලාව පුද්ගලයෙකුගේ ජීවිතයට වැදගත් වෙන්නේ ඒ නිසයි. සුන්දරත්වය දිහාවට ඇති මිනිස් අභිලාෂය නිසයි.

3.ඔබෙ පලවෙනි පොත බුදුන්ගෙ රස්තියාදුව ලිවීමට හේතුවුනු කාරනා මොනවාද?

ඔය ප්‍රස්නය මගෙන් ඇහුවේ ශ්‍රී ලංකා පොලීසිය.

4.සමාජ ජාල බාවිතය ගැන ඔබේ දැක්ම??

අහ්. එක දක්ෂයෙක්ට එක සයිබර් ප්‍රහාරයකින් ඔක්කොම ටික ඉවර කරන්න පුලුවන්.

5.සමාජ ජාලා හෝ නව තාක්ෂණය වේවා අපි මේවා අතර අදවන විට අතරමං වෙලා වගේ මම කිව්වොත්, මොකද ඔබට හිතෙන්නේ??,

ඔය ඔක්කොම හදිසියේ අතුරුදන් වෙලා ගියොත් කියලා හිතලයි මම වැඩ කරන්නේ. එහෙම හොඳයි නෙහ් ..නේද ?

6.කොහොමද ආදරය ගැන දකින්නේ??

ආදරය හැඟීමක් නෙවෙයි. ඒක චරිත ලක්ෂණයක්.

7.ජීවිතය පිලිබද ඔබේ අදහස කුමක්ද?

මරණයෙන් පලා ගිය දෙය ජීවිතය යි.

Member of

More Clubhouse users