අපි දේශපාලනය අපේ අතට ගනිමු.
කාලය එළඹ ඇත. මෙය තීරණාත්මක ය. මෙතනින් එහාට ගමන් කිරීමට අප සියල්ලන් සංවිධානය විය යුතු ආකාරය වෙනස් බව අප වටහා ගත යුතු ය. එය සිවිල් සංවිධාන, පරිසර සංවිධාන, කුඩා කණ්ඩායම් ආදී විවිධ මානයන් ඔස්සේ සිදු වූවත් ඒවාට යා හැකි දුර සීමීත ය. එයින් සිදු කළ හැකි වැඩ කොටස සීමීත ය. ඔව්, අප ඉදිරියට යා යුතු ය.
විවිධ සංවිධාන ඔස්සේ පාලකයන් හා පරිපාලකයන් සමග සාකච්ඡා කරමින් සටන් කරමින් ගත කළ කාලය බොහෝ ය. එහෙත් පවතින ක්‍රමය අනුව අපගේ ජාතික මට්ටමේ ගැටලු විසඳා ගැනීමට ඒ කිසිවිටෙකත් නොහැකි වී ඇත. සංවිධානය වූ රටක් ලෙස ඉලක්ක හඹා ගොස් රට දිනවීමට ඔවුන් අසමත් ය. සිදුව ඇත්තේ ලෝකය තුළ අප රටක් ජාතියක් ලෙස අසරණ වී විනාශයේ මුඛය ළඟ දණ ගසා සිටීම පමණකි.
තව දුරටත් අප බලාපොරොත්තු තබා ගෙන බලා සිටිය යුතු ද? නැත. කිසිසේත්ම මේ ජාතිය නගා සිටුවීමට ඔවුන් අපොහොසත් ය. ඔවුහු මේ පඹ ගාලේම පැටලී සිය පැවැත්ම උදෙසා සිය තනතුරේ පුටු උණුසුම් කරමින් සිටිති.
මෙයට ඇති මාර්ගය ඇතැමුන් සම්ච්චලයට කියන ආකාරයට පාර්ලිමේන්තුවට පැන එහි සියලු දෙනා මරා දැමීම නොව අප ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනීම ය. එනම්, ඔව් අප දේශපාලනය කළ යුතු ය. අලුත් එවුන් හැදිය යුතු ය. උන් පුහුණු කර රටේ නායකත්වය භාර ගැනීමට සුදුසුසන් ඇති කළ යුතු ය. ඔවුන් පාර්ලිමේන්තුවට යවා මේ පවතින ජඩ ක්‍රමය වෙනස් කළ යුතු ය.
රට වෙනුවෙන් මේ වෙලාවේ අවහය වන්නේ එවන් වූ ක්‍රියාවලියකි. ලෝකයේ ඇති වී තිබෙන අලුත් නැඹුරුව ද සමගින් අපිට ලංකාවේ මිනිස්සු ද වෙනස් කර ගත හැකි ය. මේ පාලකයන් පන්නා දමා, ඔවුන් පරාජය කර අපි නායකත්වයට පත් වෙමු. රට භාර ගනිමු. භාර ගෙන, මේ කැත ක්‍රමය වෙනස් කර රට නව මාවතකට යොමු කරමු.
අවුරුදු 30න් අපිත් සංවර්ධිත රාජ්‍යයක් බවට පත් වෙමු.
ඔව්, අපිට පුළුවන් !!! එන්න අපිත් එක්ක එකතු වන්න! අද නැත්තම් හෙට!
පැතුම් කර්නර්
ජාතික හරිත පෙරමුණ
Day | Members | Gain | % Gain |
---|---|---|---|
June 18, 2024 | 173 | 0 | 0.0% |
March 16, 2024 | 173 | 0 | 0.0% |
January 26, 2024 | 173 | 0 | 0.0% |
December 13, 2023 | 173 | 0 | 0.0% |
November 03, 2023 | 173 | 0 | 0.0% |
October 04, 2023 | 173 | 0 | 0.0% |
September 04, 2023 | 173 | 0 | 0.0% |
August 07, 2023 | 173 | 0 | 0.0% |
July 06, 2023 | 173 | -1 | -0.6% |
April 11, 2023 | 174 | 0 | 0.0% |
March 14, 2023 | 174 | 0 | 0.0% |
November 17, 2022 | 174 | +1 | +0.6% |
October 22, 2022 | 173 | +1 | +0.6% |
October 09, 2022 | 172 | +1 | +0.6% |
October 03, 2022 | 171 | +1 | +0.6% |
August 06, 2022 | 170 | +1 | +0.6% |
July 18, 2022 | 169 | -1 | -0.6% |
June 09, 2022 | 170 | +1 | +0.6% |
May 13, 2022 | 169 | +1 | +0.6% |
April 08, 2022 | 168 | +2 | +1.3% |
March 26, 2022 | 166 | -1 | -0.6% |
March 18, 2022 | 167 | +3 | +1.9% |